කල්පිටිය, බත්තලන්ගුංඩුව දූපතේ සිට කිලෝමීටර් 9ක් උතුරු දෙසින් ශ්රී ලංකා මුහුදේ නීතිවිරෝධී ලෙස මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්රාවක් කල්පිටිය විජය නාවික හමුදාව විසින් අද (29දා) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ධීවර යාත්රාවේ සිටි ධීවරයන් 7 දෙනෙකු සහ ඔවුන් සතු ධීවර මෙවලම්ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ධීවර පිරිස සහ ධීවර යාත්රාව කල්පිටිය බත්තලන්ගුංඩුව දූපතට රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසියට භාරදීමට නියමිතය.
කුමාරි කොට්ටහච්චි - කල්පිටිය