වතු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වීමේ කටයුතු සිදුනොකර වතු පාසල් ආශ්රිත දිස්ත්‍රික්කවලින් විද්‍යා පීඨ සඳහා බඳවා ගැනීම ඉහළ දමන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.
උසස්පෙළ සමත් සහ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍ර‘දේශ ආශ්‍රිතව හා ආසන්න ප්‍ර‘දේශවල සිටින බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
විද්‍යා පීඨ හා ගුරු විද්‍යාලවලට බඳවා ගැනීමේදී එම පිරිස්වලට වැඩි අවස්ථාවක් ලබානොදී,වතු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිළිබඳව දේශපාලඥයන් සෑම දිනකම කතා කරන බවද හෙතෙම පවසා සිටියේය.
මැතිවරණ සමයන්වලදී ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම වතු ආශ්රිත දේශපාලඥයන්ගේ ජනප්‍රිය පොරොන්දු බවත්, එහෙත් බලය ලැබුණු පසු දේශපාලඥයන් එම පොරොන්දු අමතක කර දමන බවත් ඒ මහතාපැවසීය.
ඉන්දියාව පිනවීම සඳහා ඉන්දියාවෙන් මෙරටට ගුරුවරුන් රැගෙන එන බවට දේශපාලඥයන් ප්‍රකාශ සිදුකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් වතු ආශ්රිත දේශපාලඥයන්ට වතු ආශ්රිත පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ කැක්කුමක් පවතී නම්, එම ප්‍ර‘දේශවලින් විද්‍යාපීඨවලට හා ගුරු විදුහල්වලට බඳවා ගැනීම ඉහළ දැමීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.
එමෙන්ම පත්වීම් ලබාදෙන ස්ථානයේ වසර 03ක් අඛණ්ඩව සේවය කළ යුතු බවට සඳහන් නීතියක් තදින්ම ක්‍රියාත්මක කළයුතු බවද ලංකා ගුරු සංගමය සඳහන් කළේය.