ඉන්දිය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා හා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවෙනු ඇති බව 'ද හින්දු' පුවත් සේවය කියයි.
'ගාලු කතිකාව 2014' නම් ජාත්‍යනතර සමුද්‍ර සීමා සමුළුවට එක්විම සඳහා අජිත් ඩොවාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදි ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව සිදුවෙනු ඇති බව හින්දු පුවත් සේවය සඳහන් කළේය.
එම හමුවන්ට අමතරව එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසයේ නායකයින් හා සාකච්ඡා කිරීමටද ඔහු සූදානමින් සිටියි.