ඉන්දීය ආයෝජකයින්ගේ හා ප්‍රධාන විධායක නිලධාරින්ගේ සමුළුවක් පෙබරවාරි මාසයට පෙර ලංකාවේ පැවැත්වීම පිළිබඳව ඉන්දියාවේ මුදල්, තොරතුරු සහ විකාශන අමාත්‍ය අරූන් ජෙයිට්ලි අරුන් ජෙයිට්ලි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආරූන් ජෙයිට්ලි මහතා අතර ඊයේ (16දා) පැවැති හමුවකදී මෙම අදහස් හුවමාරු විය.
ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙයිට්ලි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් ඉන්දීය මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඒකාබද්ධව පිහිටුවන බවයි.