ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හැටන්, නෝවුඩ්හි වතු කම්කරු ජනතාව අමතින් කළ කතාවට එක්සත් සරවමැතිගේ නෝර්වුඩ් කතාවට ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ විරෝධය එල්ල වී තිබේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කතාව බෙදුම්වාදයට රුකුළක් බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස මෝදි මහතා ශ්‍රී ලංකාවේ එක් ජනකොටසක් පමණක් ප්‍රසිද්ධ මහජන හමුවක දී ඇමතීම වැරදි පූර්වාදර්ශයක් බවත් එම කතාව උඩරට දෙමළ ජනතාවට හැර රටේ අන් ජනකොටස් සදහා අදාළ නොවන බවත් ඔහු පවසයි.
වතු දෙමළ ජනතාව ඉන්දියානු සම්භවයක් ඇති ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් ලෙස හැඳින්වීම ඉතා වැරදි ප්‍රකාශයක් බවත් එමගින් උඩරට වතු දෙමළ ජනතාව තුළ වැරදි මානසික තත්වයක් ගොඩ නැගෙන බවත් පවසන චන්න ජයසුමන මහතා සැබවින්ම එම ජනතාව ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් නොව ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවත් පවසයි.