සිය දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස ඉන්දියාවට අයත් ගුවන් යානයකින් අද (12දා) පස්වරුවේ පිටත්ව ගියේය.
සිය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පිවිස අගාමික වාතාවත් සඳහාද එක්විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායකින් පිටවීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ද එක්ව සිටියේය.
ඉන්දියාවට පිටත්ව යෑමට මත්තෙන් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් මෝදි සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා සංචාරය අනුස්මරණීය සංචාරයක් වූ බවත් එහිදී විවිධ වැඩසටහන්වලට එක්විමට අවස්ථාව ලැබුණ බවත්ය.