ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය ජූලි සිට සැප්තැම්බර් දක්වා කාර්තුවේ 5.3% ක් දක්වා තවත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඊට පෙර කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පැවතියේ 5.7% ක් ලෙසිනි.
ඉන්දීය ආර්ථිකයේ වර්ධන වේගය පසුගිය වසරට වඩා අඩු අගයක පැවතියත්, එය පුරෝකථනය කළ අගයන්ට වඩා යහපත් මට්ටමක පවතින බවද කියැවෙයි.
එමෙන්ම, ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි පාලනය යටතේ ගෙවී ගිය සම්පූර්ණ කාර්තුවද ජූලි සිට සැප්තැම්බර් දක්වා කාර්තුවයි.