ඉන්දියාව විසින් නිශ්පාදනය කරන ලද විශාලම යුද නෞකාව මෙන්ම ශ්රී ලංකාව නාවික හමුදාව මේ දක්වා මිලදී ගැනීමට නියමිත විශාලම යුද නෞකාවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇත.
එය එළැඹෙන 22 දා ගෝවා හි පැවැත්වෙන උත්සවයකදී ශ්රී ලංකා නාවික හමුදාවට භාර දීමට නියමිතය. නෞකාව දිගින් මීටර් 150ක් වන අතර එය අගෝස්තු 02දා නාවික හමුදාව විසින් අධිකාරි ගත කිරීමට නියමිතය.
පැයට නාවික සැතපුම් 25ක වේගයකින් නෞකාවට ගමන් කළ හැක. ඉන්දීය රුපියල් කෝටි 1000ක වටිනාකමක් මත මෙවැනි නෞකා දෙකක් මිලදී ගැනීමට ශ්රී ලංකාව කටයුතු කර තිබේ.
එහි අනෙක් නෞකාව 2018 වසරේ පෙබරවාරි මාසයේදී ශ්රී ලංකාවට භාර දීමට නියමිතය.