ඉන්දියාවේ පවතින බෞද්ධ සිද්ධස්ථානයන්හි පහසුකම් වැඩි කර ඒවා වාඩාත් පහසුකම් සහිත සංචාරක ආකර්ශණීය ස්ථාන බවට පත්කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව ඇති බව පී.ටී.අයි. පුවත් සේවය කියයි.
ඒ හරහා ලෝකවාසි බෞද්ධ ජනතාවගේ කේන්ද්‍රස්ථානයක් බවට ඉන්දියාව පත්කිරීමට කටයුතු කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති කිරන් රිජිජු පවසයි.
මීට ඉහතදී බලයට පත්වූ ආණ්ඩු බෞද්ධාගමික සිද්ධස්ථාන පිළිබඳව ඒ ආකාරයේ අවධානයක් යොමු නොකළ නමුත් වර්තමාන රජය ඒ පිළිබඳව අවධානය යොමුකර තිබෙන බවත් අමාත්‍යවරයා උපුටා දක්වමින් පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේය.
බෞද්ධ ජනතාවගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වී තිබෙන බුද්ධගයාවේ මූලිකම පහසුකම්වත් නැති බව පී.ටී.අයි. පුවත් සේවය පැවැසීය.