ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයකින් පසු අද (24දා) කොළඹ වරායෙන් පිටත්ව ගිය බව නාවික හමුදා මධ්‍ය අංශය සඳහන් කරයි.
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවට සමුදෙන ලදී.
මෙම මස 21 දින සිට මේ දක්වා එම නෞකාව ශ්‍රී ලංකාවේ රැඳීසිටි කාලය අතරතුර විවිධ වූ පුහුණු නාවික අභ්‍යාසයන්, සංස්කෘතික අංගයන් විදහා දැක්වෙන වැඩසටහන් සහ සුහද ක්‍රීඩා තරගාවලි මෙන්ම වැඩසටහන් රාශියක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
මීට සමගාමීව ඊයේ (23දා) දිනයේ පවත්වන ලද ආපදාවට ලක්වූ නෞකාවක් ඇදගෙන යාම, නෞකා අතර භාණ්ඩ හුවමාරු කිරීමේදී නෞකා දෙකක් කඹයක් ආධාරයෙන් දුර හා ස්ථානය පවත්වා ගැනීම, ගිනි නිවීම සහ ආපදා කළමනාකරණය යන අභ්‍යාසයන් පැවැත්වීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන අධි තාක්ෂණික නෞකා දෙකද මෙම ‘සුමේධා’ නෞකාව හා සමාන වන අතර, ඒවා අධි තාක්ෂණික උපකරණ හා සංවේදකවලින් සමන්විතය.
තවද, පසුගිය වර්ෂයේ (2016) මෙවැනි නිල සංචාරයන් සඳහා විදේශීය නාවික හමුදාවන්ට හා වෙරළාරක්ෂක බළකායන්ට අයත් නෞකාවන් 57ක් සහ මෙම වර්ෂය (2017) තුළදී, මේ දක්වා නෞකාවන් 20ක්ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.