නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19දා) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාවට දිගින් දිගටම සහාය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා අැත.
නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය අසල්වැසි රට හා සෑම අවස්ථාවකම සත්‍ය මිතුරෙකු වූ ශ්‍රී ලංකාවට ප්රතිසන්ධානය, සාමය හා සංවර්ධනය ගෙන එනු ඇති බවත්, ඒ සඳහා සෑම අවස්ථාවකම ඉන්දීයාවේ සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
මේ අතර, දෙරටේ සංචාරයකට කළ ඇරයුම නායකයන් දෙදෙනාම පිළිගත් බවද විදෙස් වාර්තා පවසයි.