ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ ලාභය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවත්, ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.
ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාරම්භක උත්වසය කොළඹදී අමතමින් ඔහු මේ බව පැවැසිය.
අශෝක අධිරාජ්‍යයාගේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙන්ම සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගන ආ බවත් ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව බෞද්ධාගමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
පසුව ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාලතුමා ධර්ම පණිවිඩය රැගෙන ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සබඳතා සියවස් ගණනාවක් ඈතට විහිදී යන බව ප්‍රකාශ කළ ඉන්දීය අග්රාමාත්යවරය ඉන්දීය ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ වාරණාසි දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවත් පැවැසීය.
එයින් බෞද්ධ සහෝදර සහෝදරියන්ට මෙන්ම හින්ද සහෝදර සහෝදරියන්ටද ප්රතිලාභ ලැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.