දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීය.
ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් බවත් ඉන්දියාවේ උත්සාහ වනුයේ එහි ප්‍රථම සහකරු ශ්‍රී ලංකාව බවට පත්කර ගැනීම බවත් මෝදී අග්‍රාමාත්‍යවරයා පැවසීය. අපේ ආරක්ෂාවට හා දියුණුවට අහිතකර බලපෑම් අප හදුනාගත යුතුයි.
ඒ අනුව අහිතකර ආරක්ෂක බලපෑම් තත්ත්වයන් ඇති කිරීමට ඉඩ නොතැබිය යුතුයි හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ස්තූති කථාව පැවැත්වුයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.