ජාතික ආණ්ඩුවේ දෙවැනි වර්ෂ පූර්ණය සැමරීම සඳහා පවත්වන උත්සවයට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහ අමාත්‍ය එන්. චන්ද්‍රබාබු නායිදු මහතාට පැමිණෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කර තිබේ.
ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන්නේ ජනපතිවරයා වෙනුවෙන් ජනපති ලේකම්වරයා මෙම ආරාධනාව කර ඇති බවයි. 2017 වර්ෂය ශ්‍රි ලංකාවේ දුප්පත්කම පිටුදැකිමේ වර්ෂය ලෙස නම් කර ඇති අතර ආන්ද්‍රා මහ අමාත්‍යවරයා එහි දුප්පත්කම පිටුදැකීම වෙනුවෙන් කර ඇති සේවය පිළිබඳව අවධානය යොමුකරමින් ඔහුට මෙම ආරාධනාව රජය විසින් කර තිබේ.