ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳ මිතුරන් බවත් එය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙ තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ නිමාවෙන් පසුව ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
ඉරිදා දිනයේ දිවා විවේකයන් පසුව ශ්‍රි ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් වායු දූෂණය හේතුවෙන් විරෝධතා දැක්වීම පිළිබඳවත් පසුව විරාත් කෝලි ඉනිම අත්හිටුවීමටත් කටයුතු කළ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ඒ ගැන තිරණයක් ගත යුතුව තිබෙන්නේ තරග තීරකට හා විනිසුරටයි. අපි මෙහාට ආවේ ක්‍රිකට් ක්‍රිඩා කිරීමටයි. නිලධාරීන් තිරණ ගත යුතුයි. ඊළඟ දින කිහිපයේදී වෙන දේවල් සමග ඔබට ගනුදදෙනු කරන්න වෙනවා. මෙය වෙනස් තත්ත්වයක්. මේ වගේ දෙයකට අපි කලින් මුහුණ දී තිබුණේ නෑ.
මට විශ්වාසයි මෙය නිලධාරීන් විසඳාවි. මම කිව්වා වගේම එය වෙනස් අවස්ථාවක්. කවුරුවත් මොකක්ද කරන්නේ කියා දැනගෙන සිටියේ නෑ. එය පිටයේ ක්‍රීඩකයන්ගේ සම්බන්ධයට ගැටලුවක් ඇතිවුණේ නෑ. අපි හොඳ මිතුරන් එය ඒ අකාරයටම තිබේවි”