ඉන්දියාවට වඩින ලක් භික්ෂූන් වහන්සේ වෙනුවෙන් වීසා නිදහසක්?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරවලින් පසු ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා ඉන්දියාවට යෑමේදී පවතින වීසා ක්‍රමවේදයේ යම්කිසි සහනයක් ඇති කිරීම සඳහා ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
සාමාන්‍යයෙන් වාර්ෂිකව ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් භික්ෂූන් වහන්සේලා 55,000ක් පමණ වැඩම කරන අතර, ඔවුන් රැකියා සඳහා අවශ්‍ය වීසා ලබාගනිමින් ඉන්දියාවේ සංචාරය කරති.
මෙම භික්ෂූන් වහන්සේලා නවදිල්ලි, ධර්මශාලා, වාරණාසි, කුෂි නගර හා බුද්ධගයාවේ නැවතී සිටිති.
නීතිරීති අනුව රැකියා වීසා සඳහා වාර්ෂිකව භික්ෂූන් වහන්සේ නමකට ඩොලර් 150 ක ගාස්තුවක් ගෙවීමට සිදුවෙයි.
එසේ ලබාගන්නා වීසා වසර පහක් දක්වා දීර්ඝ කිරීමට අවස්ථාව ලැබෙන අතර, මෙම කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙසට ඉල්ලා තිබේ.
එසේම ශ්‍රී ලංකා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වීසා ගාස්තු අදාළ කර නොගන්නා ලෙසද ශ්‍රී ලංකාව ඉල්ලා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

