ඉන්දීය ට්‍රොලර් යාත්‍රා උතුරු මුහුදු සීමාවට පැමිණීම සහ ඉන්දීය ධීවරයන්ගේ පහරදීම් හේතුවෙන් උතුරේ ධීවරයන්ගේ ධීවර යාත්‍රා දහස් ගණනක් විනාශ වී ඇතැයිද, එහෙයින් ධීවර පවුල් දැඩි අසරණභාවයකට පත්ව ඇති බව පවසමින් උතුරේ ධීවර සංගම් කිහිපයකගේ සහභාගීත්වයේ ඊයේ (23 දා) යාපනය නගර මධ්‍යයේදී විරෝධතාවක නිරතවිය.
උතුරු පළාත් ඒකාබද්ධ ධීවරයන්ගේ සංවිධාන නායකයන් සහ යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙය ක්‍රියාත්මක කෙරිණි.
උද්ඝෝෂණය අවසානයේ උද්ඝෝෂකයන් විසින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙතට සංදේශයක් භාරදුන් අතර, එහිදී එම නිලධාරීන් පවසා සිටියේ, අදාළ ගැටලුව පිළිබඳව ඉන්දියාවේ මධ්‍යම රජයේ අවධානය යොමු කිරීමට පියවර ගන්නා බවයි.