ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දුල්’ නෞකාවේ පැමිණි වෛද්‍ය කණ්ඩායම විසින් ආපදාවන්ට ලක්වූ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාව වෛද්‍ය සායනයක් බුලත්සිංහල දියකඩුව පාසලේදී අද (29දා) පැවැත්වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙම වෛද්‍ය සායනය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් වෛද්‍ය නිලධාරියෙක් සහ වෛද්‍ය සහායක නාවිකයන් දෙදෙනෙක් සහභාගිවූ අතර ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වෛද්‍ය අංශයේ නාවිකයන් කිහිප දෙනෙක්ද මෙයට එක්වූහ.
මෙම සායනය මගින් එම ප්‍රදේශයේ අවතැන්වූවන් 50 කට වැඩි පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව උදාවූහ.
මෙම මහඟු කාර්යය සම්බන්ධයෙන් දෙරටේම නාවික හමුදාවන්ට ප්‍රදේශයේ ජනතාව, සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමූහ.