ඉන්දියානු නාවික හමුදාවට අයත් සුමේධා ලංකාවට
ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු ප්‍රදේශ මුර සංචාරක අධිතාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (21දා) කොළඹ වරායට සේන්දු විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
මෙම මස 24 වැනිදා දක්වා එම නෞකාව ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුහුණු නාවික අභ්‍යාසයන්, සංස්කෘතික අංගයන් විදහා දැක්වෙන වැඩසටහන් සහ සුහද ක්‍රීඩා තරගාවලි මෙන්ම තවත් වැඩසටහන් රාශියක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබේ. තවද, එම කාලසීමාව තුළදී නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී වීමටද නියමිතය.
පසුගිය වසරේ මෙවැනි නිල සංචාරයන් සඳහා විදේශීය නාවික හමුදාවන්ට හා වෙරළාරක්ෂක බළකායන්ට අයත් නෞකාවන් 57ක් සහ මෙම වර්ෂය තුළදී, මේ දක්වා නෞකාවන් 20ක්ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
