ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට යොමුවෙනවා - GMOA
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද(09දා) රැස්වූ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව රජයේ ස්ථාවරය නොවෙනස් වුවහොත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට යොමුවන බව එම සංගමය අවධාරණය කරයි. මේ අනුව අද දින රැස්වීමෙන් පහත දැක්වෙන ආකාරයේ තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇත.
- දැනට සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහන් හා විරෝධතා වැඩසටහන් අඛණ්ඩව වඩාත් තීව්ර ලෙස සිදුකිරීම.
- මීට අමතරව අමාත්‍යවරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනපතිවරයා දැනුවත් කිරීම.
- වෛද්‍ය සභාව විසින්ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනාවක් යොමුකිරීමට සමගාමීව නව නඩු කටයුතු ආරම්භ කිරීමට කටයුතු කිරීම.
- ජනාධිපති කමිටුව වෙත අප විසින් ලිඛිතව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ අවසන් තීන්දු තීරණ ඉදිරි සතියක කාලය තුළ එම කමිටුව මගින් ප්‍රකාශයට පත්කිරීම.
- එම කාලසීමාව තුළ සතුටුදායක හා සාධාරණ විසඳුමක් නොලදහොත් අවශ්‍ය ඕනෑම ආකාරයක දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම සඳහා මධ්‍යමකාරක සභාව මගින් විධායක කාරක සභාව වෙත බලය පවරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

