තාජුදීන් ඝාතනය, මිග් ගනුදෙනුව ඇතුළු දූෂණ වංචා 1700කට අධික පැමිණිලි සංඛ්‍යාවක් මේ වන විට ඉදිරිපත්ව ඇති බවත්, ඒ අනුව ඒවා විභාග කර කඩිනමින් ඊට අදාළ තීන්දු තීරණ රටට අවශ්‍යව ඇති බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (15දා) උදෑසන හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අධිකරණය ස්වාධීන වීම පමණක් සිදුනොවිය යුතු අතර, එය කාර්යක්ෂම හා නවීකරණයද විය යුතු බවයි.