ඉතිහාසයේ ප්‍රථම වරට භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානයට ශිෂ්‍යාවක්
තම අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවරියක වී ලෝකයට අලුත් දෙයක් හඳුන්වා දීම බව පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් භෞතික විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි සිසුවිය 'අද' ට ප්‍රකාශ කළාය.
මෙරට උසස් පෙළ විභාග ඉතිහාසයේදී භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ශිෂ්‍යාවක් විසින් හිමිකර ගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීමද ඉතිහාසගත සිදුවීමකි. සිසුන් පරදවා සිසුවියක් භෞතික විද්‍යා අංශයේ ප්‍රථමයා වීමද මෙරට විභාග ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි.
එසේම මලියදේව බාලිකා විදුහල් ඉතිහාසයේද විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානයක්, ප්‍රථම වරට දිනාගත් සිසුවිය ලෙසද අමායා එම විදුහල් ඉතිහාසයේ වාර්තා පොතට එක්ව තිබේ.
අමායා 2013 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයෙන්ද දිවයිනේ පස්වැනියා ලෙස සමත්වීමද ඇගේ දක්ෂතාවන් මොනවට ඔප්පු කිරීමට කරුණකි. එසේම ඇය පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ලකුණු 190ක් ලබාගනිමින් දස්කම් පෙන්වා ඇත. එසේ පියවරෙන් පියවර දක්ෂතා පෙන්වමින් පැමිණි අමායා පාසල් අධ්‍යාපනයේ අවසන් කඩඉම පසුකළේ ඓතිහාසික ඇතුගල්පුරවරයට සේම මලියදේව බාලිකාවටද සුවිශේෂී ගෞරවයක් එක්කර දෙමිනි.
ගීතාංජලී ප්‍රියදර්ශනී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




