පරිපාලන සේවා ඉතිහාසයේ ප්රථම වතාවට තම සංගමයත් වෘත්තීය ක්රියාමාර්ගයකට යොමුවන බව ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය කියයි.
අයවැයට විරෝධය දක්වමින් හෙට (03දා) සංඛේතාත්මක වැඩ වර්ජනයකට යොමුවන බව සංගමය කියයි.
ඒ අනුව හෙට දිනයේදී අකුරට වැඩ කිරීමේ ක්රියාමාර්ගයක් මෙන්ම කෑම පැයේදී විරෝධතාවක් ක්රියාත්මක කිරීමට සූදානම් බවත් පරිපාලන සේවා සංගමය කියයි.