2016 වසර තුළදී කොකේන් කිලෝ 1,489ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එහෙත් 2015 වසරේදී කිසිදු අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බළකාය සඳහන් කරයි. මීට අමතරව හෙරොයින් කිලෝග්‍රෑම් 393ක් පසුගිය වසර තුළදී අත්අඩංගුවට ගෙන තිබෙන බවද එහි අධ්‍යක්ෂක වෛද්‍ය සමන්ත කුමාර මහතා සඳහන් කළේය.