ඇෆ්ගන් තලේබාන් ප්‍රහාරයේ ජීවිත හානි 130 දක්වා ඉහළට
(UPDATE) ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට එල්ල කෙරුණු තලේබාන් ප්‍රහාරයේ ජීවිත හානි 130 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරක් වෙත එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා භටයන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරුදිග බල්ඛා පළාතේ හමුදා කඳවුරක් වෙත එල්ල වූ මෙම ප්‍රහාරය පැය කිහිපයක් පුරා සිදුවෙමින් අවසන්වූ බව විදෙස් වාර්තා පවසයි.
හමුදා කඳවුර තුළ වූ පල්ලියේ සිකුරාදා දේව මෙහෙයට සහභාගී වූවන් මෙන්ම, ආපන ශාලාව තුළ සිටි පිරිස් මෙම ප්‍රහාරයේ ගොදුරු වූ බව හමුදා ප්‍රකාශකයෙකු පවසයි.
මෙම ප්‍රහාරයෙන් පසුව තලේබාන් සංවිධානය එහි වගකීම භාරගත් අතර, මේ සඳහා තම මරාගෙන මැරෙන ප්‍රහාරකයන් යොදාගත් බව ඔවුහු පවසති.
මසාරේ ෂරීෆ් නගරයේ වූ මෙම හමුදා කඳවුරේ සිදුවූ ප්‍රහාරයෙන් තලේබාන් සටන්කරුවන් 10 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
මේ අතර, එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
හමුදා ඇඳුමින් සැරසී පැමිණ ඇති තලේබාන් සටන්කරුවන් ප්‍රහාරය එල්ල කිරීමට පෙර හමුදා ආරක්ෂක වළලු තුළින් නිරුපද්‍රිතව ඇතුළු වී ඇති බවද හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.
මෙය තම හමුදාවට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් වුවත්, වහාම ක්‍රියාත්මක වූ කමාන්ඩෝ භටයන් ප්‍රහාරය මැඩපැවැත්වීමට සමත් වූ බවද ඇෆ්ගන් හමුදාව අවධාරණය කරයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

