ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය වෙනස් වීම නිසා ලන්ච් ෂීට් පොලිතින් තහනමත් ඉවත් වී යාවිද යන්න සැකයක් ඇති වී තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. මේ නිසා ජනවාරි පළමුවැනිදා සිට ඇස්බැස්ටස් සෙවිලි තහඩු නිෂ්පාදනය ගෙන්වීම තහනම් කිරීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක කරන ලෙසට අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
විදේශ රටක බලපෑමකට මෙය සිදුකරන බවට වාර්තා වෙමින් තිබෙන බවත්, මේ නිසා පොලිතින් ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම අසුරන සඳහාත් අමුද්‍රව්‍ය ගෙන්වන්නේ විදේශ රටවලින් නිසා එම රටවල බලපෑමට තහනම ඉවත් කරාවිද යන්න සැකයක් ඇතිවී තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළත් විදේශ රටවල බලපෑමකට යටත්ව අතරමග නැවතී යා හැකි බවටත් සැකයක් ඇතිවී තිබෙන බවද රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.