ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමට කටයුතු කළහොත් එය පරාජයට පත්කිරීමට ජනමතයක් ගොඩනගන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
ඇස්බැස්ටස් තහනම් කරගැනීම සඳහා ජනමතයක් ගොඩනගනු ලැබුවේ තමන් වහන්සේ විසින් බවත්, එවැනි දෙයක් සිදුකළේ එම සෙවිල් තහඩු ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නිසා බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ පවසා සිටියහ.
මේ නිසා තහනම් ඉවත් කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවද රතන හිමියෝ අවධාරණය කළහ.