ඇලෝසියස්ගේ රෝහල් ගත වීමේ ඉල්ලුම ප්‍රතික්ෂේපයි
අර්ජුන් ඇලෝසියස් විසින් තුනටිය ආබාධයකැයි පවසා බන්ධනාගාර රෝහලට ඇතුළුවීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමෙන්තුව විසින් නොසලකා හැර තිබෙනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ මෙම ඉල්ලීම ඇලෝසියස් මහතා විසින් 7වැනිදා ඉදිරිපත් කළ බවත් වෛද්‍ය නිළධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ඉල්ලීම නොසළකා හැරුනද, ඔහු වෙත අවශ්‍ය මූලික පහසුකම් සැපයුනු බවය.
ඒ අතර ඇලෝසියස් මහතා විසින් පිටතින් රැගෙන එන කොට්ටයක් භාවිතා කිරීමට අවසර ඉල්ලා ඇතිමුත් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කර ඔහු වෙත සාමාන්‍ය භාවිතා කරන කොට්ටයක් ලබා දී ඇත.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන පසු ගිය සඳුදා(5දා) සිට පෙබරවාරි 16 දා තෙක් රිමාන්ඩ් ගත කෙරිනි.
මොවුන් වැලිකඩ බන්ධනාගාරයේ ඊ කොටසේ විශේෂ ප්‍රභූ සිර මැදිරියක රඳවා තිබෙනවා. ආරංචි මාර්ග අනුව රිමාන්ඩ් කළ පසු ඇලෝසියස් මහතා දැකීමට ඔහුගේ පවුලේ පිරිස පැමිණ තිබේ.
ඩේලිමිරර් ඇසුරෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

