ග්රීසියේ වාමාංශික සිරිසා පක්ෂයේ නායක ඇලෙක්සි සිප්රාස් අද (21 දා) දෙවැනි වරටත් එරට අගමැතිවරයා ලෙස තේරීපත් විය.
මාස 9කට වඩා අඩු කාලයක් තුළ පැවති එරට දෙවැනි මහ මැතිවරණයෙන්ද පැහැදිලි ජන වරමක් තමන් වෙත ලැබී ඇති බව නව අගමැතිවරයා පවසයි.
ඒ අනුව, ඊයේ (20 දා) පැවැති මහමැතිවරණයෙන් 35% ක ඡන්ද ප්රතිශතයක් දිනාගනිමින් වාමාංශික සිරිසා පක්ෂය ජයග්රහණය හිමි කරගෙන තිබුණත්, එය පසුගිය මැතිවරණ ප්රතිඵලයට වඩා අඩු ප්රතිශතයක් බවද කියැවෙයි.
සිප්රාස්ගේ ප්රධානම ප්රතිවාදියා වූ නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ 28% ක ඡන්ද ප්රතිශතයක් පමණි.
එහිදී, රජයක් පිහිටුවීම සඳහා බහුතර බලයක් නොමැති බැවින්, පෙර පරිදිම ස්වාධීන ග්රීකවරුන්ගේ පක්ෂය සමගින් සන්ධාන රජයක් පිහිටුවීමට වාමාංශික සිරිසා පක්ෂය තීරණය කර ඇත.