බණ්ඩාරවෙල ඇල්ල -වැල්ලවාය මාර්ගයේ නායයාම් සමග පස්කඳු, ගස් හා ගල් කඩාවැටී මාර්ගය අවහිර වීම නිසා අද (28දා) සවස 6.-30 ට පමණ සිට එම මාර්ගයේ වාහන ධාවනය මුළුමනින්ම ඇනහිට ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
ඇල්ල දේවාලය ආසන්නයේ සිට ස්ථාන කිහිපයක මෙම අවහිරතා ඇති වී තිබෙන බවත්, එම ස්ථාන අතර ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් සිර වී තිබෙන බවත් වාර්තා වේ.