ජුනි මසදී එංගලන්තයේදී හා වේල්සයේදී ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ඛකණ්ඩායම හා සහභාගිවන නිලධාරී මඩුල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පහුණුකරු චම්පක රාමනායක මහත ඉවත් කර තිබේ.
නිලධාරී මඬුල්ල 9 දෙනෙකුගෙන් සමන්විත වෙයි. එහිදී ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා වේගපන්දු උපදේශකයෙකු ලෙස බඳවා ගත් ඇලන් ඩොනල්ඩ් වේගපන්දු උපදේශක ලෙස තරගාවලියට එක්වෙයි.
ඒ අනුව චම්පක රාමනායක මහතා ශූරයන්ගේ කුසලාන තරගාවලියට සම්බන්ධ කර නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. නිලධාරී මඬුල්ලට දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන පියල් විජේතුංග මහතාද ඇතුළත් නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු පුහුණුකරුවන් වශයෙන් චමින්ද වාස්, චම්පක රාමනායක, ණුවන් සොයිසා හා රවීන්ද්‍ර පුෂ්පකුමාර යන අය කටයුතු කරති.