පොලීසිය ඇඹිලිපිටිය වැඩේ ආදිවාසීන්ටත් කරලා?
බිබිල රතුගල ආදිවාසී නායකයගේ නිවසේ ඊයේ (23දා) දින රාත්රි පැවැති සාදයක් අතරතුර ඇති වු ගැටුමකින් පොලිස් නිළධාරියෙකු හා ආදිවාසී නායකයා ඔහුගේ බිරිද හා කුඩා දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.
රත්මල්ගහඇල්ල පොලිසියේ කියා සිටියේ ආදිවාසී ගමිමානයේ නිවසක බුරුව ගසන බවට ලැබුන 119 ඇමතුමකට අනුව එහි ගිය පොලිස් නිළධාරින් සිවි දෙනාම ආදිවාසින් එළවා එළවා පහරදුන් බවත් එයින් තුවාල ලැබු එක් අයෙකු රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි.
ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තෝ කියන සිටියේ තම නිවසේ කුඩා දරුවෙකුගේ පැවැති උපන්දින සාදයකට ආදීවාසීන් 40 දෙනෙකු පමණ සහභාගී වී සිටියදී රාත්රී නවයට පමණ පැමිණි රත්මලගහ ඇල්ල පොලිස් මුරපොලේ නිලධාරීන් සිව් දෙනෙකු නිවසේ විදුලිය විසන්ධි කර සියලුම දෙනාට අමානුෂික ලෙස පහරදුන් බවයි.
ආදිවාසී නායකයාගේ බිරිඳ වන ඩී.එම්.බී.විමලාවති කියා සිටියේ නිවසේ තිබු සාදය අතරතුර පැමිණි පොලිස් නිලධාරීන් විදුලි විසන්දි කර පිරිමි අයට පහර දෙන අවස්ථාවේදී එක් අයෙකු ඇය කැලයට ඇදගෙන යන්නට තැක් කළ බව කියයි.
ලුණුගල ප්රසන්න පද්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

