ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවීදැයි සෙවීමට දේශීය පරීක්ෂණයක් සිදුකරන ලෙස ඇමරිකාව අද (24දා) යෝජනා කිරීමට නියමිත බවත්, ඒ සඳහා ප්‍රධාන රටවල් සියල්ලම එකඟතාව පළකර ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඊයේ (23දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
සියලු රටවල එකඟතාවයකින් ඉදිරිපත් වන යෝජනාවක් ලෙස අද (24දා) දිනයේ මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එය දේශීය යාන්ත්‍රණයක් නමින් සම්මත වන බවත් අමාත්‍යවරයා පැවසීය.
එම දේශීය යාන්ත්රණයට විදෙස් තාක්ෂණික සහය ගන්නා ලෙස ඉල්ලා සිටීමටද අවස්ථාව ඇති බව අමාත්‍යවරයා පැවසීය.
විදේශීය උපදෙස් ලබාගැනීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද සිදුකළ කටයුත්තක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
දේශීය පරීක්ෂණයක් සඳහා නව නීති අවශ්‍ය නොවන බවත්, දැනට පවතින නීති ප්‍රමාණවත් බවත් අමාත්‍යවරයා පැවසීය.