ශ්රී ලංකා රුපියලට සාපෙක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 154.24ක් බවට පත්ව තිබේ. පසුගිය 28දා දිනට අවසන්වරට විනිමය අනුපාත නිකුත් කරමින් මහ බැංකුවේ විනිමය අනුපාත අනුව මෙම මිල නියම වී තිබේ. ඊට සතියකට පෙර එනම් (4/21) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 151.9ක් ලෙස සටහන් විය.