ඇමති හැරිසන්ගේ නිවස වටලනවලු
රජයේ වී නිකුත් කිරීම වහා නවතා නොදමුවහොත් වී ගබඩා මෙන්ම අමාත්‍යාංශය හා ඇමතිවරයාගේ නිවස වටලන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනතුරු අඟවයි.
වී අලවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමේදී බරපතළ ලෙස දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවද ඒ නිසා වහාම වී නිකුත් කිරීම නවතා දමා වංචාවන් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස රජයට යෝජනා කරන බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (30 දා) දඹුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
රජය මීට කන් නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ තියෙන සියලු වී ගබඩා වට කරන බවත් ඉන් නොනැවතී විෂය භාර ඇමති පී. හැරිසන් මහතාගේ පුද්ගලික නිවස හෝ අමාත්‍යාංශය වටකරන බව නාමල් කරුණාරත්න මහතා පැවසීය.
මාධ්‍ය හමුවට පැමිණි පිරිස සහල් පැකට් දෙකක්ද රැගෙනවිත් ඒවා කඩා පෙන්වමින් කුඩා වී මෝල් හිමියන්ගේ නිෂ්පාදන හා මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් වල මිල වැඩිවීම හා ගුණාත්මක භාවය පිළිබඳවද මෙහිදී මාධ්‍ය දැනුවත් කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




