ෙත්රස්තවාදීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා කළ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික මතයක් බවත් එය රජයේ මතයක් නොවන බවත් නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
බඩල්කුඹුර පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“රජිත අමාත්‍යවරයාගේ කතාව ඔහුගේ පුද්ගලික මතයක්. කැබිනට් එකේ කිසිම සාකච්ඡාවක් පවත්වුණේ නෑ. උතුරේ සැමරුම් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ.
අපි ඒ සැමරුම් කරන්න කිසිම අවසරයක් දීලා නෑ. අපි රණවිරුවන් සමරනවා. ඔවුන්ට ගරු කරනවා. ”
ඇතිමලේ අයි.ජී.ජේ. නයන