මුදල් සහ ජනමාධ්‍ය ඇමතිට ගොඩනැගිලි පමණක් ඉතිරි වේවිද?
කැබිනට් අමාත්‍ය ධුර වෙනස් වීමෙන් පසුව ඇතැම් ඇමතිවරුන් තමන් සිටි අමාත්‍යංශවලට අයත්ව තිබූ හා වෙනත් අමාත්‍යාංශවලට අයත් ඇතැම් දෙපාර්තමේන්තු, ආයතන නව ආමාත්‍ය අංශ යටතට පත් කරන ලෙස ඉල්ලා සිටීම නිසා දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.
එමෙන්ම අමාත්‍යවරුන්ට සමීප බලගතු පුද්ගලයින් කීපදෙනෙක් තමන්ගේ හිතවත් අමාත්‍යවරයා වෙත විවිධ ආයතන හා දෙපාර්තමේන්තු ලබාගැනීම සඳහා ද මෙහෙයුමක් දියත් කර ඇති බවද වාර්තා වෙයි.
මීට පෙර මුදල් අමාත්‍යංශයට අයත්ව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය, මහපොළ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම යනාදී වූ විෂයයන් කීපයක් වෙනත් අමාත්‍යංශයකට ඉල්ලා තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත්ව තිබූ ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණාලය වැනි ආයතනද වෙනත් අමාත්‍යාංශයක් යටතට පත් කරන ලෙසටද ඉල්ලීම් ලැබී තිබේ. එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන කීපයක්ද වෙනත් අමාත්‍යවරයෙක් ඉල්ලා ඇති බවද වාර්තාවේ.
ඇමති තනතුරු මාරුව සමග පැන නැගී ඇති අමාත්‍යාංශවලට අයත් ආයතන හා දෙපාර්තමේන්තු බෙදා දීමේ අර්බුදය හේතුවෙන් අමාත්‍යංශ සහ ඒවාට අයත් විෂයයන් නම් කර ගැසට් නිවේදනය නිකුත් කිරීමද ඊයේ (22දා) රාත්‍රීවන විටත් ගැටලු සහගත වනු ඇතැයි වාර්තාවෙයි.
මේ අතර මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මංගල සමරවීර මහතාට අයත් විෂයයන් කීපයක්ම වෙනත් අමාත්‍යවරුන් ඉල්ලා සිටීම නිසා බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ නව මුදල් සහ ජනමාධ්‍ය ඇමතිවරයාට ගොඩනැගිලි පමණක් ඉතිරි වනු ඇති බවය.