ඇමති මණ්ඩලය 51ක්?
යෝජිත ජාතික සමගි රජයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 51 ක් වනු ඇති බවට වාර්තා වන අතර, ඉන් කොටසක් බොහෝදුරට (27දා) දිවුරුම් දීමට නියමිතය.
එහිදී මූලිකව දිවුරුම් දෙන කණ්ඩායමට අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා හැර අමාත්‍යවරුන් 28 දෙනෙකු ඇතුළත් අතර, ඉන් තිදෙනෙක් ඊයේ (24දා) දිවුරුම් දුන්හ.
ඒ අනුව නව ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර, අධිකරණ අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරු දිවුරුම් දුන්හ.
සෙසු ඇමතිවරුන් 25 දෙනා අද දිනයේ දිවුරුම් දීමට නියමිත අතර, ඉතිරිය ලබන පාර්ලිමේන්තු සැසි වාරයෙන් අනතුරුව දිවුරුම් දීමට නියමිතය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමාකළ යුතු අතර, ජාතික ආණ්ඩුවක් සඳහා පමණක් එම සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව ඉහළ දැමිය හැකිය.
ඒ අනුව 30කට වැඩි සෙසු පිරිස පත්කිරීම ලබන පළමුවැනිදා පාර්ලිමේන්තුව රැස්වන තෙක් කල් දැමිය යුතු වේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර 17 ක් පිරිනැමීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

