මිලියන 582ක ගල්අඟුරු වංචා සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චමිපික මහතාගෙන් අද (04දා) ප්‍රකාශයක් ලබාගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙම ගනුදෙනුව සම්මත පටිපාටියෙන් පරිබාහිරව කැබිනට් අනුමැතියකින් තොරව සිදුකර ඇති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම සිද්ධියට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වනආචාර්ය ෆර්ඩිනැන්ඩස් මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් ඔහු ඔස්ටේ්රලියාවේ සිටින බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
නොරොච්චෝලේ ලක් විජය බාලාගාරයට නැව් දෙකකින් රැගෙන ආ රුපියල් මිලියන 528 ක් පමණ වන ගල්අඟුරු තොගයක් වාරකන් සමය නිසා ගොඩබෑමට නොහැකිවීමෙන් එම තොගය කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමක් වෙත ලබා දීමෙන් රජයේ දේපළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම මෙම සිදුවීමයි.