අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාගේ බිරිද වන අභාවප්‍රාප්ත සුජාතා ඒකනායක මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
සුජාතා ඒකනායක මහත්මියගේ දේහය තැන්පත් කර ඇති මාතලේ නිවසට අද (20දා) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා ඇතුලු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
නන්දිමිත්ර ඒකනායක මහතාගේ පුත්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක සහ සොහොයුරු, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.