ජාතික ප්රශ්නය විසඳීමට තිබෙන ජාතික සහජීවන, ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංවිධාන, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු යන අමාත්‍යාංශවල සිටින අමාත්‍යවරුන් තිදෙනා වහාම ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම අමාත්‍යාංශවලට 2017 වසර සඳහා වෙන්කර ඇති මුදල් නිසි පරිදි වියදම් කර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
ජනාධිපතිවරයා යටතේ ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍යාංශයට රුපියල් මිලියන 3,532ක් වෙන්කර තිබුණද, රුපියල් මිලියන 325ක් පමණක් ලබාගෙන තිබෙන බවත්, ඉන් 09%ක් පමණක් වියදම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.