ශ්‍රී ලංකාවේ බිත්තර අතිරික්තයක් පවතිද්දී එළැඹෙන උත්සවය සමහ ඉලක්ක කර එම ක්ෂේත්රයට සම්බන්ධ ඇමතිවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමේ උත්සායක නිරතව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සනත් රත්නායක මහතා පවසයි.
අද (08දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඩුබායි සමාගමක් හරහා ඉන්දියාවෙන් මෙම බිත්තර තොරගය ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් එ් සඳහා දැඩි විරෝධය දක්වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.