සති කිහිපයක පුහුණුවකින් පසුව සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය පිරිනැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බවට උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි.
එම සභාව සඳහන් කරන්නේ තවමත් සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.
සාකච්ඡාවක් පැවැත්වුවත් අවසන් තීරණයක් නොගත් බවත් එම සභාව සඳහන් කරයි.
මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සඳහන් කළේ වෛද්‍ය සභාව අතකොලුවක් බවට පත්කර ගැනීමට ආණ්ඩුව කටයුතු කිරිම වහා නවතා දැමිය යුතු බවයි.