වර්ෂ 2000 මාර්තු මස වැනිදා හෝ ඊට ආසන්න දිනක ඇන්ටනොව්32 වර්ගයේ ගුවන් යානයකට අධි බලැති මිසයිල ප්රහාරයක් එල්ල කර එහි ගමන්ගත් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින විත්තිකාර එල්.ටී.ටී.ඊ ත්රස්ත සාමාජිකයන් දෙදෙනා ඔක්තෝබර් මස 21වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
ප්රහාරයෙන් රුසියානු ගුවන් නියමුවන් දෙදෙනා, එහි කාර්යමණ්ඩලය, නිවාඩු ලබා නිවෙස්වලට යමින් සිටි ගුවන්, යුද,නාවික හා පොලිස් නිලධාරීන් ඇතුළු 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එල්.ටී.ටී.ඊ ත්රස්ත සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප්රබලයන් වන ඉරාස තුරෙයි ජෙගන් හා නල්ලාම් සිවලිංගම් යන දෙදෙනායි.
අදාළ නඩුවඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ නැවත විභාගයට ගැනීමට නියමිතය.