ඇස්.ගොඩගේ සහ සමාගම විසින් සංවිධානය කරන ලද ගොඩගේ සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී දිවමන් ප්රණාම සම්මාන හා කෘතීන් සඳහා සම්මාන ප්‍රදානයද සිදුකෙරිණි.
සම්මාන දිනූ කෘති හා කතුවරුන් මෙසේය
හොඳම නවකතාව
ඇදගිය නොහැකි නිහඬතාව - චම්පා වෛද්‍යතිලක
හොඳම කෙටිකතා සංග්‍රහය
කුරිරු සුරංගනා කතාවක් - පියල් කාරියවසම්
හොඳම කාව්‍ය සංග්‍රහය
යන්නං චන්දරේ - ටිම්රාන් කීර්ති
හොඳම යොවුන් නවකතාව
අසේලගේ ලෝකය - මානෙල් ඊරියගම
හොඳම පරිවර්තන නවකතාව
ජව තුරඟා - ස්වර්ණකාන්ති රාජපක්ෂ
හොඳම ශාස්ත්‍රීය කෘතිය (සම සම්මාන)
අමරකෝෂයෙන් ප්රභාවිත හෙළදිව කෝෂකරණය - ශ්‍රියානි අසෝකා වනසිංහ
භාෂි සන්නිවේදනය අර්ථ විචාරය හා උපයෝගීතා විචාරය - විමල් ජී.බලගල්ලේ
හොඳම පුවත්පත් තීරුලිපි සංග්‍රහය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය - සිරිල් එඩේරමුල්ල
නිර්මාණශීලී නවක දායකත්වය (නවකතාව)
සසර යාත්‍රා - නවෝදා සුගන්ධිනී
නිර්මාණශීලී නවක දායකත්වය (කාව්‍ය සංග්‍රහය)
මිත්‍රවරුනි, විප්ලවය සිදුවූයේ නැත - චිරන්ත ජයසේන
දෙමළ භාෂාවෙන් සිංහලට පරිවර්තිත කෘතිය
අලුත් අවියක් - ජී.ජී.සරත් ආනන්ද
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ