රුපියල් මිලියන 5ක මුදලකට ඇත්දළ යුගළක් අලෙවිය සඳහා සූදානම් කරමින් සිටි සැකකරුවෝ තිදෙනෙක් අද (30දා) සිලාවතුර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසීය පවසයි.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ෂන අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම ඇත්දළ යුගළ අතරින් එක් ඇත් දළයක් අඩි 4 අඟල් 4 ක් දිගු වන අතර අනෙක් ඇත්දළය අඩි 4 අඟල් 3ක් දිග බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවවෝ අවුරුදු 58, 58 හා 38 යන වයස්හි පසුවන සිලාවතුර, කරවන්කෝට්වේ පදිංචිකරුවෝ වෙති.