ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුව ඇරඹේ
- 11 06 2018
- 14:43
- {{hitsCtrl.values.hits}} views
- . .
15 වැනි ආසියා ශාන්තිකර විදුලි සංදේශ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11දා) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දරනු ලබන අතර සමුළුව අද සිට ජූනි 13 වන දින දක්වා කොළඹ දී පැවැත්වෙයි.
විදුලි සංදේශ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නියාමකයන්ට විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ සිදුවන වෙනස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් මුහුණදීමට සිදුවන ගැටලු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම සඳහා පොදු වේදිකාවක් සැපයීම මෙම සමුළුවේ අරමුණ වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

