ආසියානු සංවර්ධනය යනු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ඉදිරි ගමන බවත් විද්‍යා, තාක්ෂණික සහ නවෝත්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ කාර්යයක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අද (10දා) අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් දැක්වීය.
විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කරගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බව ජනපතිවරයා මෙහිදී පවසා සිටියේය.
නැගී එන ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අරමුණ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වීම බවත්, වේගවත් ආර්ථික ප්‍රගතියක් උදෙසා මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.
නැගී එන ආසියාව ඉදිරි වසර කිහිපය තුළ ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානය හා මූල්‍ය කේන්ද්‍රය බවට පත්වනු ඇති බවත් කලාපයේ සහයෝගීතාව තුළින් එම ඉලක්ක සපුරාගත හැකි බවද ජනාධිපතිවරයා පැවැසීය.
ආසියානු සහයෝගීතා සංවාද කලාපයට අයත් රටවල සංචාරක ක්ෂේත්රයේ වර්ධනයට වැඩි ඉඩකඩ තිබෙන බවත් එය තිරසාර, සමාජ, සංස්කෘතික හා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කරගත හැකි බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
තුෂාර තෙන්නකෝන් (තායිලන්තයේ සිට)