2010 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය තරග පාවාදීම් පිළිබඳව එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙක් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වන විධායක කමිටු සාමාජිකයා සඳහන් කරනුයේ, තරග පාවාදීම පිළිබඳව විධිමත් විමර්ශනයක් කර නොමැති බවත්, එය දිග්ගැස්සෙමින් පවතින බවත්ය.
එසේම එම විමර්ශනය බාහිර පාර්ශ්වයන්ගේ බලපෑමකින් තොරව සිදුකිරීම සඳහා එය ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ම සිදුකරන ලෙසද එම සාමාජිකයා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
බුකිකරුවන්ට සම්බන්ධ බව කියන කාන්තාවක් ඉන්දීය කණ්ඩායම දඹුල්ලේ රැඳී සිටි හෝටලයට ගොස් එහි ක්‍රීඩකයෙකු සිටි කාමරයට අතුළු වී තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන අතර, එය එම හෝටලයේ තිබූ සී.සී.ටී.වී. දර්ශනවලින් ඔප්පු වූ බවත් පසුව වාර්තා විය. මේ සිදුවීම පිළිබඳව වාර්තාවක් සකස් කළත් එයට සිදුවූ දෙයක් මේ දක්වා වාර්තා වී නොමැත.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කරන විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දඹුල්ලේ සිදුවීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබාගත යුතු බවයි.