ආවේගයෙන් ප්‍රශ්න විසඳන්න බෑ - ඥානසාර හිමි
ආවේගයෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, මහනුවර ඇති වූ සිදුවීම් කිසිසේතම අනුමත නොකරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසයති.
ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හිමියෝ,
“මහනුවර ඇතිවුණ සිද්ධීන් අපි කිසි ලෙසකවත් අනුමත කරන්නෙ නෑ. මේ සිදුවීම්වලින් වේදනාවට පීඩාවට පත්වෙච්ච, ඒ වගේම බයෙන් තැතිගත්තු සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව මේ සියලු මිනිස්සුන්ට අපි කනගාටුව ප්‍රකාශ කරන්න ඕන. මොකද ආවේගශිලීව හා ප්‍රචණ්ඩත්වයෙන් කලහකාරී බවෙන් ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න බැරි නිසා.
මේ සිද්ධීන් ඕනෑම ජන කණ්ඩායමක් තුළ සිද්ධ වෙන්න පුළුවන්.මිනිස්සු ගහගන්නව,මරාගන්නව,බැණගන්නව.බුදු හාමුදුරුවෝ පවා මේ ගැන පවසල තියෙනවා."කුද්දෝ අත්තං නජානාති,කුද්දෝ ධම්මං න පස්සතී.” මිනිස්සු කිපුනට පස්සෙ ඒ තරහව පාලනය කරගන්න බැරි වුණොත් අරථයක් ධර්මයක් මුකුත් දකින්නෙ නෑ. මිනිස්සු මිනිස්සුන්ව මරන්නෙ.එකට බොන ගමන් මරන්නෙ. දැන් මෙතන සිද්ධිය වෙනස් ප්‍රශ්නයක්.මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සිංහලයන්ට පහර දීල. එහෙම දෙයක් වුණාම ඒකෙ හැඩේ විතරයි බලන්නෙ.මේ අවිද්‍යාත්මක දේශපාලනය ඇතුළෙ පුරුදු කරල තියෙන්නෙ එහෙමයි. මුස්ලිම් එකත් මනුස්සයෙක්. සිංහල එකත් මනුස්සයෙක් හැටියට නෙමෙයි බලන්නෙ. මූ මුස්ලිම් මූ සිංහල මේක කොහොමද වවාගෙන කන්නෙ. මේකෙන් කොහොමද දේශපාලන වාසියක් ගන්නෙ කියලයි බලන්නේ. අපි පළමුවෙන්ම චෝදනා කරනව මේ ඊයෙ ඇති වෙච්ච, අද ඇතිවන සිද්ධිවලට සම්පූර්ණයෙන්ම මේ රටේ අගමැතිවරයා සහ පොලීසිය වගකිව යුතුයි කියලා.
දැන් තියෙන ගැටලුව තමයි මේ සිද්ධිය පදනම් කරගෙන රටේ කල කෝලාහල පටන් අරගෙන තිබීම. කඩවල් වලටගහල.මිනිස්සුන්ට ගහල. මේක කළ යුත්තක් නෙමෙයි.ඒ නිසා කරුණාකරල අපි කියනව මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ටත්, දඟලන නගරම්පාන චණ්ඩිකම් පාන සියලුම පාර්ශවවලටත් කරුණාකරල නවතින්න.මොකද හේතුව මේ රට තියෙන්නෙ ඉතාම භයානක තැනක.එහෙන් ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියා කියා දඟලනව. සාකච්ඡා විතරයි. රට එක තැන හිරවෙලා. උගුරෙ කට්ටක් හිර වුණා වගේ. උඩට ගන්නත් බෑ පහළට ගන්නත් බෑ .
අපි මේ රට කරවන උදවියටත්, ඒවෑ ඉන්න උපදේශක මණ්ඩලයටත්, සිහල මුස්ලිම් කියල බේදයක් තැතුව සියලු දේශපාලන නායකයන්ටත් කියනව කරුණාකරල මේ ඇතිවෙන සිද්ධි ගැන දැකල, කිඹුල් කඳුළු හෙලල, කාටවත් තේරෙන්නෙ නැති විදග්ද වචන කියල මේ ප්රශ්නය මගහරින්න එපා කියලා. කරුණාකරල එක මේසෙකට එන්න.
මේ ගැන සාකච්ඡාවක් කරන්න. කොමිසමක් පත්කරන්න. මේ ප්‍රශ්න අපි සාකච්ඡාවක් තුළින් විසඳගමු. මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අපි ඉදිරියට මෙවැනි දේවල් නොවෙන්න වග බලාගමු” යැයි පැවසූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

